Ubuntu වල වැඩ කරනකොට ආපු තවත් ප්‍රශ්ණයක් තමයි, www.baiscopelk.com වගේ තියන සිංහල උපසිරස හරියාකාරව බැලීමට නොහැකිවීම. එහි සිංහල උපසිරස අඩංගු කර ඇත්තේ .ssa නම් ගොනු තුලයි. අවාසනාවකට මෙන් උබුන්ටු සමග එන Totem Player එකට එම ගොනු කියවන්නට නොහැකිය. ඒ සදහා ඔබට VLC ධාවකය යොදා ගත හැකි වුවත් එයින් සිංහල අකුරු හරි හැටි (Rendering) නොපෙන්වයි.
මේ සදහා කල හැක්කේ කුමක්ද?
Totlem Player සදහා .ssa ගොනු කියවන්නට සමත් Plugin එකක් ස්ථාපනය කිරීමද? බොහෝ වේලා අන්තර්ජාලයේ සෙවීමෙන් අනතුරුව මම එය අතහැර දැම්මේ මට ඒ සදහා නිවැරදි ක්‍රමයක් හමු නොවුනු නිසයි.
නමුත් Totem Player එකට ඉතාමත් හොදින් .srt ගොනු කියවන්නට හැකිය. එම නිසා .ssa ගොනු .srt ගොනු බවට පරිවර්තනය කරන්නට මට හැකි වුව හොත් එය කදිම විසදුමක බව මට වැටහිනි.
ඒ සදහා මෘදුකාංගයක් හෙවූ මට අවසානයේදී Gnome Subtitles හමු විය. මෙමගින් ඔබට සිංහල .ssa උපසිරස අඩංගු ගොනු පහසුවෙන් .srt ගොනුවක් බවට පරිවර්ථනය කල හැක.
ඔබට අවශ්‍යවන්නේ එක දෙයයි. එහි පලමු Dialog එකට ප්‍රථමයෙන් පහත සදහන් පේලි ටික එකතු කිරීමයි.
[Script Info]
; This is a Sub Station Alpha v4 script.
Title: movie title
ScriptType: v4.00
Collisions: Normal
PlayDepth: 0
[V4 Styles]
Format: Name, Fontname, Fontsize, PrimaryColour, SecondaryColour, TertiaryColour, BackColour, Bold, Italic, BorderStyle, Outline, Shadow, Alignment, MarginL, MarginR, MarginV, AlphaLevel, Encoding
Style: Default,Microsoft Sans Serif,18,16777215,65535,65535,-2147483640,-1,0,1,3,0,2,30,30,30,0,0
[Events]
Format: Marked, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text
ඊ ළගට එය Gnome Subtitles වලින් විවෘත කර ගන්න. එය .srt ගොනුවක් ලෙස Save As කර ගන්න. එපමණයි. දැන් ඔබගේ කැමතිම චිත්‍රපට සිංහල උපසිරස සමග Ubuntu වල නැරඹිය හැකිය.
